ලෝක ළමා දිනයට සමගාමීව Marvel ආයතනය රිජ්වේ රෝහලට ළදරු ඩයපර්ස් පරිත්‍යාග කරයි


ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසට දේශීය වෙළඳපොළෙහි සනීපාරක්‍ෂක නිෂ්පාදන අතර ප්‍රමුඛයා වන Marvel Marketing (Pvt) Ltd ආයතනය සිය ව්‍යාපාරික අරමුණු පසෙක ලා 2018 වසරේ පටන් සුවිශාල සමාජ සත්කාර ව්‍යාපෘතියක් දියත් කිරීමට රිජ්වේ ආර්යා ළමා රෝහල සමඟ ගිවිසුම් ගතවිය. මෙම සමාජ සත්කාර වැඩසටහන යටතේ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නොමිලේ ඩයපර්ස් පරිත්‍යාග කරන්නට ගිවිසුම් ගතවූ අතර අදාළ ව්‍යාපෘතිය සඳහා පවතින ඉල්ලුමට සරිලන ආකාරයෙන් ඩයපර්ස් ප්‍රමාණාත්මකව තව තවත් වැඩි කරන්නට තීරණය කළ  Marvel Marketing ආයතනය පසුගිය ඔක්තෝබර් 1 වැනි දිනට යෙදුනු ලෝක ළමා දිනයේදී එය සංකේතවත් කරමින් බෙදා හැරීම් ආරම්භ කරන්නට යෙදුණි.



මෙම ඩයපර්ස් ව්‍යාපෘතියේ පළමු අදියර 2018 වසරේ ජූලි මස ආරම්භ කළ අතර එහිදී ළමා රෝහලට මසක් සඳහා අවශ්‍ය ළදරු සනීපාරක්ෂක තුවා 4000ක් පිරිනැමුණි. ඉහළ යන ඉල්ලුමට සාපේක්ෂව එම ළදරු සනීපාරක්ෂක තුවා ප්‍රමාණය 6000 දක්වා වර්ධනය කර බෙදාහැරීමට 2019 වසරේ ජුනි මස පටන්  Marvel Marketing ආයතනය කටයුතු කරන ලදී. නැවතත් රිජ්වේ ආර්යා ළමා රෝහල විසින් සිදු කළ ඉල්ලීමකට අනුව මසක් සඳහා නොමිලේ බෙදාහරින සනීපාරක්ෂක තුවා ප්‍රමාණය තවත් 2000කින් වර්ධනය කර එනම් මසක් සඳහා සනීපාරක්ෂක තුවා 8000ක් බැගින් වසර 03ක කාලයක් සඳහා පිරිනැමීමේ අවස්ථාව ළමා රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් සිදු කෙරිණි.  Marvel Marketing ආයතනය මෙම ඩයපර්ස් පරිත්‍යාගය සිදුකරන වසර 03ක ගිවිසුම්ගත කාලය සඳහා මිලියන 11.5 ක විශාල බරපැනක් දරයි.



Marvel Marketing (Pvt) Ltd ආයතනයේ අධ්‍යක්ෂ වී. එන්. සිවෙන්ද්‍රන් මහතා විසින් එම ළදරු සනීපාරක්ෂක තුවා කට්ටල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වෙත පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා  Marvel Marketing (Pvt) Ltd ආයතනයේ කළමනාකාර ගැමුණු අබේගුණවර්ධන මහතා ඇතු`ඵ  Marvel Marketing කාර්ය මණ්ඩලය ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය ද සහභාගී විය.


Marvel Marketing (Pvt) Ltd යනු ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන වෙළෙඳ නාමයන් අතර වේගවත් වර්ධනයක් සහ ඉහළ පාරිභෝගික ඉල්ලුමක් පවතින ආයතනයකි. 2003 වසරේ පටන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ  Marvel Marketing (Pvt) Ltd  කාන්තාවන්, ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා සනීපාරක්ෂක නිෂ්පාදන පෙළක් මෙරටට ආනයනය කර බෙදාහරියි.  Marvel Marketing (Pvt) Ltd ආයතනය ව්‍යාපාරික වශයෙන් වැදගත් සංධිස්ථානයකට පත්වෙමින් 2012 වසරේදී සීදුව ප්‍රදේශයේ පිහිටවූ ඉහළ ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක නිෂ්පාදන කර්මාන්තශාලාව මේ වනවිට කාන්තාවන් සඳහා හඳුන්වාදෙන Wet Wipes සහ ළදරුවන් සඳහා හඳුන්වාදෙන Wet Wipes සහ Diapers නිෂ්පාදනය කර බෙදාහරියි.


(හෂිනි ඉරේෂා ගුණවර්ධන - Lankadeepa)


Older Post


Leave a comment

Please note, comments must be approved before they are published